අනිද්දායින් පසුව වැසි තත්වයේ අඩුවක්

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වර්ෂාපතනයේ ප්‍රමාණාත්මක අඩු වීමක් අනිද්දායින් පසුව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

නිරිතදිග කොටසේ බොහෝ ප්‍රදේශවලට ඊයේ රාත්‍රීයේ සිට වැසි ඇදහැලුණු බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කලේ.

මධ්‍යම කඳුකරයට ඇද හැලුනු වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමමින් පවතින අතර කාසල්රී හා මවුස්සාකැලේ ජලාශ මේ වන විට වාන් මට්ටමට ආසන්න වෙමින් පවතිනවා.

මේ අතර අද අලුයම සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ අද අලුයම ප්‍රදේශ දෙකකදී රිය අනතුරු තුනක් සිදුවුණා.

බැලුම්මහර ප්‍රදේශයේ දී මෝටර් රථ 2 ක් මාර්ගයේ විදුලි පහන් කණුවල ගැටී අනතුරට ලක්වූ අතර මුදුන්ගොඩ ප්‍රදේශයේ දී වාහන 3ක් එකිනෙක ගැටී අනෙක් අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුරුවලින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවයි පොලීසිය සඳහන් කළේ.

අද පෙරවරු අටයි තිහෙන් අවසන් වූ ගත වූ පැය 24 තුළදී මිලිමීටර් 95.7 ක් වූ වැඩිම වර්ෂාපතය කෑගල්ල දිස්ත්‍රික්කයේ මොරලිය ඔය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *