“අනුරගෙන් උත්තරයක් එනකල් මං බලන් ඉන්නවා”

ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා තමාට පැහැදිලි කරන ලෙස ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතලේ ප්‍රදේශයේ ඊයේ (14) පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අනුර කුමාර කියන අපනයන ආර්ථිකයක් ද, සුනිල් හදුන්නෙත්ති කියන ආනයන ආර්ථිකයක් කියා තමාට පැහිදිලි කරන ලෙසයි.

තමා මේ පිලිබඳ අසා දවස් තුනක් ගත වී තිබෙන නමුත් අනුරගේ කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් නොමැති බවත් ඔහු එය පැහැදිලි කරන තුරු බලාගෙන සිටින බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මාතලේ ප්‍රදේශයේ දියුණු කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට පියවර ගන්නා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම මාතලේ සහ දඹුල්ල දියුණු කෘෂිකාර්මික ප්‍රදේශ බවට පත් කරන බවත් මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ඒ වගේම තේ, කෝපි, කොකෝවා වගාව ප්‍රවර්ධනය කරන අතරම නව කර්මාන්ත ආරම්භ කරන බව ඔහු කියා සිටියා.

එහිදී ජනාධිපතිවරයා මෙසේ වැඩිදුරටත් කියා සිටියා ” අද හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක කියන විදියට 2025 අයවැය හැදුවොත් ඩොලරයේ අගය රුපියල් 400ක් වෙනවා. IMF ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම නිසා එම සහාය ඉවත් කළහොත් ඩොලර් එක රුපියල් 500ක් වෙනවා. දැන් තිබෙන මුදල් ඉවත් කරනවලු. එවිට තවත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඉන්දියාව මෙය සිදු කර අසාර්ථක වුණා. අනුර කුමාර මට විවාදයකට එන්න කිව්වා. මම කිව්වා ඒ සඳහා මම සූදානම් නමුත් ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා මට පැහැදිළි කරන්න කියලා. අනුර කුමාර කියනවා අපනයන ආර්ථිකයක් කියලා, සුනිල් හදුන්නෙත්ති කියනවා ආනයන ආර්ථිකයක් කියලා. දැන් දවස් තුනක් ගත වී තිබෙනවා. අනුරගේ කිසිදු ප්‍රතිචාරයක් නැහැ ඔහු එය පැහැදිලි කරන තුරු මම බලාගෙන සිටිනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *