අනුරගේ සංවාදයට එරෙහිව පැමිණිල්ලක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අත්සන සහ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදාගනිමින් සකස් කළ ලිපි දෙකක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නීතිඥ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එම ලිපි ව්‍යාජව සකස් කර තිබුණේ ජාතික ජන බලවේගය සමග විවාදය විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කරන බව අඟවමින්.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා රාජ්‍ය රූපවාහිනී ආයතනයක පැවති ඒකපාර්ශ්වික සංවාදයකට සහභාගි වූ අතර එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහු අතර පෙර සූදානම් කර තිබූ විවාදයක් බවට ඇඟවෙන ආකාරයෙන් සකස් කරන ලද ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

එහිදී විපක්ෂ නායකවරයාගේ අත්සන සහ ලිපි ශීර්ෂය ව්‍යාජව සකස් කර අදාළ විවාදයට විපක්ෂ නායකවරයා සහභාගි වීමට නියමිතව සිටි බව ඇඟවෙන ආකාරයෙන් එම ලිපියේ අන්තර්ගතය සකසා ඇති බව පැමිණිල්ලේ සඳහන්.

එමෙන්ම මීට පෙර අවස්ථාවකදී ද විපක්ෂ නායකවරයා විසින් ජාතික ජන බලවේගය සමග විවාදය ප්‍රතික්ෂේප කරන බව ඇඟවෙන ආකාරයෙන් සකස් කළ ලිපියක් සම්බන්ධයෙන් ද මෙම පැමිණිල්ලෙන් කරුණු දක්වා තිබෙනවා.

මෙම ව්‍යාජ ලිපි දෙක පිළිබඳව වහාම විමර්ශනයක් කරන්නැයි සමගි ජන බලවේගයේ නීතිඥ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ අදාළ පැමිණිලි භාර දුන්නා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *