අනුර කුමාරගේ රැස්වීමකදී බුද්ධි නිලධාරියෙකුට ගහලා

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගී වූ රැලියකදී පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුට පහර දී තිබෙනවා.

කුරුණෑගල ක්‍රීඩාංගණයකදී ඉකුත් 2 වැනිදා සවස පැවති උත්සවයකට ජාතික ජනබලවේගයේ නායකයා පැමිණි අවස්ථාවේ ඡායාරූප ගැනීමට උත්සාහ කළ සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි අංශ නිලධාරියකුටයි පහර දී ඇත්තේ.

රැලියට සහභාගී වූ පිරිසක් විසින් ප්‍රහාරය එල්ලකර ඇති බවයි පැවසෙන්නේ.

අනුර කුමාර පැමිණි වාහනය වේදිකාව ළගටම පැම්ණ ඇති අතර පිවිසුම් දොරටුව අසල සිටයි බුද්ධි නිලධාරියා ඡායාරූප ගැනීමට උත්සාහ කර ඇත්තේ.

එම අවස්ථාවේ බුද්ධි අංශයේ නිලධාරීයා රාජකාරිය අත් හැර දිවගොස් තිබෙන අතර ජිප් රථයකට නැග බේරී ඇති බවයි වාර්තා වන්නේ.

අනුර කුමාර දිසානායකගේ ආරක්ෂක නිලධාරීනට අති වූ සැකයක් මත විමසීම සිදුකළ අවස්ථාවක මෙම පහරදීම සිදුව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *