අපරාධයක් සඳහා සැඟවූ ආයුධ අත්අඩංගුවට

නිවසක අල්මාරියේ සගවා තිබූ විශාල ප්‍රමාණයේ කඩු හතරක්, මුහුණු ආවරණ, සපත්තු හා කබායන් හතරක් පොලීසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලැබුණු ඔත්තුවක් මත නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂා කිරීමේදී මේ භාණ්ඩ හමුවූ බවයි පොලිසිය පවසන්නේ.

අපරාධයක් සදහා යොදා ගැනීමට සඟවා තිබූ බවට සැක කෙරෙන මෙම කඩු හා අනෙක් මෙවලම් සමග නිවසේ අයිතිකරු චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, එල්ලෝලේ, පුලියන්කෙනරඩි ප්‍රදේශයේ නිවසක තිබිය්දී මෙම භාණ්ඩ හමුවූ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ එම කඩු හා උපකරණ වෙනත් අයෙකුගේ අවශ්‍යතාවයක් මත සිය නිවසට රැගෙන විත් අල්මාරියේ තබා ගිය බවයි.

සැකකරු මල්ල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත්කි රීමටයි චුන්නාකම් පොලීසිය පියවර ගෙන ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *