අපරාධ වැළැක්වීමට වඩා අමතර බලයක් පොලිස් රෙගුලාසිවල නෑ.

පොලිස් නිලධාරීන්ට තම රාජකාරිය සඳහා වැටුප් ගෙවන්නේ මහජන මුදලින්. අපරාධ වැළැක්වීමට වඩා අමතර බලයක් පොලිස් රෙගුලාසිවල නෑ. මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා අපරාධකාරයෙක් ඉස්සරහ තියාගෙන පාපොච්ඡාරණයන් ගන්න, කතාවන් කරන්න බැහැ. පොලිස් රෙගුලාසීන් වල සහ අදාළ නීතීන් වල තියෙනවා විශේෂයෙන් සුරාබදු නිලධාරියෙක්ට පොලිස් නිලධාරියෙක්ට කරන පාපොච්චාරණයක්, අධිකරණය ඉදිරියේ වලංගු වෙන්නෙම නැහැ – නීතීඥ රජික කොඩිතුවක්කු

‘නීතිය රැකීමට සිටින පොලීසිය නීතිය කැඩීම’ පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණ අද (11) මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභික, නීතිඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පුද්ගලයින්ට, පුරවැසියන්ට රටේ නීතියේ අයිතිවාසිකම තමන්ගේ අවශ්‍යතාවන් සඳහා යොදවා ගත නොහැකි බවය. පොලීසිය යනු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇති අධිකාරී පත්‍රයක් සහිත ආයතනයකි. පොලීසිය විසින් පසුගිය කාලය තුළ විශාල ආකාරයෙන් යම් යම් පුද්ගලයින්ගේ ප්‍රතිරූප පිම්බීම සඳහා කටයුතු කර තිබෙන බව ද කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි. පොලිස් නිලධාරීන් යනු මහජන මුදලින් වැටුප් ලබන පිරිසක් වන අතර, අපරාධ වැළැක්වීම ඔවුන්ගේ මූලික කාර්යභාරයයි. මාධ්‍ය ඉදිරියට පැමිණ, අපරාධකරුවන් හෝ සැකකරුවන් ඉදිරියේ තබාගෙන පාපොච්ඡාරණ ගැනීමට, ප්‍රකාශයන් සිදු කිරීමට හෝ කතාවන් සිදු කිරීමට ඔවුනට බලයක් නොමැති බව ද මෙහිදී ප්‍රකාශ විය.
මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ, නීතීඥ රජික කොඩිතුවක්කු මහතා;
“අද මේ වන විට මේ රටේ නීතිය සම්බන්ධයෙන් වූ විශ්වාසය මහා විශාල විදිහට පළුදු වීමකට ලක්වෙලා තියෙනවා යම් යම් හේතු කාරණා නිසා. දැන් උදාහරණයක් විදිහට අපි දැක්කා මේ ඊයේ, පෙරේදා දවස් තුළ මේ රටේ නම යම් ආකාරයකට ප්‍රසිද්ධ වෙලා තියෙන පුද්ගලයෙක්ගේ මරණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඒ පුද්ගලයාට ඒ ස්ථානයට ආරාධනා කරපු තැනැත්තාව සැකකාරයෙක් විදියට අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතකොට ඒ මරණයට පත්වෙච්ච වසන්ත කියන මහත්මයා මරණයට පත් කිරීම සඳහා ආධාර අනුබල දුන්නා කියලා පුද්ගලයෝ කිහිප දෙනෙක් අත්අඩංගුවට අරගෙන මේ වෙද්දි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. දැන් අපිට ඒ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මිනිස්සුන්ට නීතිය අතට ගන්න බැහැ. තමන්ට අසාධාරණයක් වෙනවා නම් පිහිට පතන්න තියෙන්නෙත් නීතිය. අධිකරණය. රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ නීතිය යටතේ පුද්ගලයන්ට පුරවැසියන්ට රටේ නීතියේ අයිතිවාසිකම නීතිය තමන්ගේ අවශ්‍යතාවන් වලට යොදා ගැනීම, එහෙම නැත්නම් නීතියේ සහනය ප්‍රාර්ථනා කිරීම සඳහා වූ යම් යම් පටිපාටීන් සහ ආයතන ස්ථාන හදන හඳුන්වා දීලා තියෙනවා. විශාල විදිහට. ඒවාට ජනතාවගේ මුදල් ලබා දීමක් කරනවා. එතකොට පොලීසිය කියන්නෙත් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ලබාදීලා තිබෙන අධිකාරී පත්‍රයක් සහිත, එහෙම නැත්නම් ඒ බලයක් සහිත විමර්ශන දැන් විශේෂයෙන් මං අද පොලිසිය විසින් මේ පහුගිය කාලය තුළ, පහුගිය අවසාන කාර්තුව තුළදී මහ විශාල විදියට මාධ්‍ය සදහා තමන්ගේ ප්‍රතිරූපයන් පිම්බීම සඳහා යම් යම් පුද්ගලයන්ගේ, නැත්නම් පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ ප්‍රතිරූපයන් පිම්බීමත් නැත්නම් ඒ නිලධාරීන්ට පේන්න අපි වැඩ කළා යැයි කියලා සමහර ස්ථාන භාර නිලධාරීන්ගේ ක්‍රියාකලාපයනුත් මාධ්‍යවල ගියා. ඒක හරි හරියට අර මාධ්‍යවල අර සුපර් ස්ටාර්, වගේ මේක නිකන් පොලිස් ස්ටාර් කෙනෙක් හොයන්න වෙලා තියෙන්නේ අපිට.
මොකද හේතුව දිගින් දිගටම මේ වර්තමාන පොලිස්පතිතුමා වැඩ භාර ගැනීමෙන් පසු යුක්තිය කියලා මෙහෙයුමක් පටන් ගැනීමක් කළා. අපි දන්නේ නැහැ ඒවල ගණන් මිනුම් සහ ඒවා වල සංඛ්‍යාලේඛන කවර ආකාරයට ඒ අපරාධ මර්ධනය වෙලා තියෙනවද කියලා. හැබැයි වැලිකඩ බන්ධනාගාරයට ගිහිල්ලා බලන්න පුළුවන් නම් කාටහරි මහත්තයෙක්ට අඟල් හතරක නැත්නම් අඟල් අටක නමයක තනි කකුලෙන් හිටගෙන මිනිස්සු ඉන්නවා. එහෙම නැත්නම් බන්ධනාගාර ගියහම අඩි දහයේ දහයේ කෑල්ලක, පහළොවක්, දහයක් මිනිස්සු බුදිය ගන්නවා. අපේ පක්ෂ නායකතුමා, පාඨලී චම්පික රණවක ඇමතිතුමත් එක්ක මම බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයේ තත්ත්වය පිළිබඳ විමර්ශනය කිරීමක් කරා එතුමා. අපි එතුමාට පැහැදිලි කරලා කිව්වා මේ මිනිස්සු, සිරකරුවෝ ද, මනුෂ්‍යයෝ ය කියලා ගහලා තිබ්බාට මනුෂ්‍යයන් විදිහට මේ මිනිස්සුන්ට සලකනු ලබන්නේ නැහැ.
ඊයේ, පෙරේදා දිනයේදී මේ වසන්ත මහත්මයාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දුන්නා කියලා ඒ ආයතනයේ, ඒ ආයතනය මොහුට ආරාධනා කරලා මේක කරන්න එන්න කිව්ව ඒ පුද්ගලයව අත්අඩංගුවට ගැනීමක් කරා. ඒක හරි. එම සැකයත් විමර්ශන නිලධාරීන්ට ඇතිවෙනවා නම් අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්න ඕනේ. විමර්ශනය කරන්න ඕන. හැබැයි ඊට පස්සේ අදාළ ප්‍රදේශය භාර ලොකු ස්ථානාධිපති මහත්මයෙක් ඇවිල්ලා ස්ථානාධිපතිවරුත් ළඟ තියාගෙන මාධ්‍යයත් ඇතුළට ගෙනල්ලා, මාධ්‍ය ඉස්සරහා අහනවා දැන් තමන්ට කොහොමද මේ සල්ලි හම්බුනේ? තමන්ට කොහොමද කිව්වේ? ආ මෙයා කොහොමද කිව්වේ? එහෙම කියලා. දැන් මට නම් ඒක බලන් ඉද්දි, මට ඔය මිනිස්සු අපි දන්නෙත් නැහැ අපිට අපිට එහෙම සම්බන්ධකමක් නෑ. හැබැයි ඔහු පැහැදිලිව කියනවා මට මෙහෙම සල්ලි වගයක් දුන්නා. එක්කෙනෙක් මේ කඩේ කරන්න. මම මෙයාට ආරාධනා කළා. දැන් මේ තැනැත්තාව මේ කාරණා මත මිනීමැරීමකට මම දන්න නීතිය තුළ නම් මම දන්න මේ සාධාරණ සැකයෙන් ඔප්පු කිරීම නම් මේ එහෙම මට හිතෙන්නේ නැහැ මේ පොලිසිය කරපු කරුණුත් එක්ක මේ පොලිසිය කරපු නාඩගමත් එක්ක මේ නඩුවේ ඔහු වෙනුවෙන් යම් දෙයක් තහවුරු කරන්න පොලිසියට හැකිවෙයි කියලා. මොකද ඔහුගේ පොලිසියට විශේෂයෙන් පාපොච්චාරණයක් කරන්න ඕනේ උගත් අධිකරණ නිලධාරීන්, නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණයට. ඒකටත් පාපොච්චාරණයක් කරන්න ගියහමත් මහේස්ත්‍රාත්තුමා අවසර දෙනවා, ඕක නැවත හිතලා බලලා එන්න. ඇවිල්ලා අපි කතා කරමු. ඇවිල්ලා අපි මේ පාපොච්චාරණය කරමු කියලා. දින කිහිපයක් දෙනවා. ඒ ඒක ස්වේච්ඡාවෙන් කළ යුතුයි. එතකොට පොලිස් රෙගුලාසීන් වල සහ අදාළ නීතීන් වල තියෙනවා විශේෂයෙන් සුරාබදු නිලධාරියෙක්ට පොලිස් නිලධාරියෙක්ට කරන පාපොච්චාරණයක්, අධිකරණය ඉදිරියේ වලංගු වෙන්නෙම නැහැ. මොකද ඒවා බලපෑම් කිරීමෙන්, තර්ජනයෙන්, බිය ගැන්වීමෙන් සිදු කළා යැයි උපකල්පනයන් තිබෙන නිසා. එතකොට ඒ ආකාරයට අර ටීවී එක ඉස්සරහා ගෙනල්ලා අර මිනිහෙක්ගේ අයිතිවාසිකම්, දැන් මේ මනුස්සයා නිකන් හරි අධිකරණයේදී අධිකරණය තව අවුරුදු හතර පහක් ගිහිල්ලා මේ නඩුව විමර්ශනය කරලා මේ මනුස්සයා නිදහස් වුණොත්, නිදොස් වුණොත් හැබැයි මේ අද, ඊයේ, පෙරේදා කරපු ඒ ඔහු වරදකරු කිරීම තුළ, මොහුට පාරේ බැහැලාවත් යන්න පුළුවන්ද? මොහුට තමන්ගේ අයිතිවාසිකමක් ඉල්ලන්න පොලිසියට යන්න පුළුවන්ද, මේ මනුස්සයන්ගේ ලේබල් ගහලා ඉවර කරලා තියෙන්නේ? ඒ නිසා පැහැදිලිවම, පොලිසියේ නිලධාරීන්ට, පොලිසියේ නිලධාරීන් ක්‍රියාත්මක වීම තුළදී, ඔවුන්ට තිබෙනවා ඒ පොලිස් රෙගුලාසි අනුව කිසිඳු විදිහකට අනීතික ආකාරයට කටයුතු කරන්න බැහැ.
රටේ නීතිය සැමට සමාන වෙන්න ඕනේ. ඒක අපරාධකාරයාද, ඒක සැකකාරයාද, ඒක මරණයට පත්වූ කෙනාද, නැත්නම් වින්දිතයාද කියන එක නෙමෙයි, වින්දිතයාට වින්දිතයා ආරක්ෂා කිරීමේ පනත තියෙනවා. ඒ වගේ අපේ රටේ විශාල නීති පද්ධතියක් තියෙනවා මේ පුද්ගලයෝ ආරක්ෂා කරන්න. ඒ නිසා පොලිස් නිලධාරීන් විසින් තමන්ගේ හිතු මනාපයට ප්‍රතිරූපය පුම්බා ගැනීම සඳහා යම් යම් නිලධාරීන් ඉස්සරහා තමන් වැඩකාරයා ලකුණු දමා ගැනීම සඳහා ඒ කරන්නා වූ ඒ අන් අමනෝඥ ක්‍රියා නිසා නීතිය ක් රියාත්මක කිරීමේදී ඉදිරියට යෑමේදී යම් යම් බාධා ඇතිවෙනවා. ඒ නිසා තමයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් ඉතා පැහැදිලිව කියලා තියෙන්නේ පොලිසිය මෙච්චර දවසක් තියාගෙන කරන ලද පරීක්ෂණය සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි බවත් ප්‍රකාශයක් ගන්න ඕනේ නම් අධිකරණයේ බන්ධනාගාරයට ගිහිල්ලා ඒක පුළුවන් පොලීසියෙ තියාගෙන ඉන්න ඕන නෑ. රඳවාගෙන තියාගෙන ඉන්න ඕන් නෑ කියලා එතුමිය පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා. මොකද සාධාරණ යුක්තිගරුක බුද්ධියක් තියෙන ඕන මනුස්සයෙක්ට පේනවා මෙතන කරන්නේ නාටකයක්. ඒ නිසා අපි පොලිස් නිලධාරීන්ට කියන්නේ ඔබ ඔබේ රාජකාරිය කරන්න. ඒ රාජකාරිය කිරීම සඳහා ඔබට ජනතාවගේ මුදලින් මහජන මුදලින් වැටුපක් ගෙවනවා. ඔබව බලාගන්නවා. ඔබට ඇඳුම් දෙනවා, ඔබට කන්න දෙනවා, ඔබගේ බටා ගෙවනවා. ඒවා කරන්නේ ඔබගේ ඒ අපරාධ වළක්වන්න තමයි. ඒ අපරාධ වැළැක්වීමට අමතරව ඒ අපරාධකාරයන් ගෙනල්ලා මාධ්‍ය සාකච්ඡා ඔබට අමතර අයිතියක්, බලයක් පොලිස් රෙගුලාසි වල නෑ. අඩුගානේ පොලිස් නිලධාරි මහත්මයෙක්ට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා, ඒ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වෙනම ඉන්නවනේ. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා, ඔහොම අපරාධකාරයෙක් ඉස්සරහ තියාගෙන ප්‍රකාශයන් කරන්න බැහැ. ඒ පාපොච්චාරණයන් ගන්න බැහැ. පාපොච්චාරණ නෙමෙයි. කතාවන් කරන්න බැහැ. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධයි. නීතිය සැමට සමාන වෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දොළොස්වෙනි පරිච්ඡේදයේ තියෙනවා නීතිය සැමට සමානයි කියලා. ඒ සැමට සමාන වීම පමණක් ප්‍රමාණවත් නැහැ සමාන වන බව, රටට, ලෝකෙට පේන්න ඕනේ. ඒ නිසා අපේ සැළකිරීම නීතිය සමාන වීම සඳහා කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන් මීට වඩා ඉතාමත් බුද්ධිමත්ව තමන්ගේ යුතුකම් ටික ඉෂ්ට කරා නම් හොඳයි.” මෙම මාධ්‍ය හමුව සඳහා නීතීඥ නදීෂ හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *