මේක අපේ මංගල මහ සමුළුවෙන් එළියේ තිබ්බ වැඩක්. ඒක සංවිධානය කරලත් තිබ්බේ අපි නෙවෙයි. ඒ වැඩසටහන අපේ පක්ෂයට තියෙන බය වැඩි වෙච්ච අය සංවිධානාත්මකව කරපු දෙයක් කියලා තමයි පේන්න තියෙන්නේ.
සමුළුව ආවරණය කරන්න ආපු කිසිදු මාධ්‍යවේදියෙක් එතන ඉන්න විදිහක් නෑ. ඔය චෝදනා කරන අය අපේ සමුළුවට ආවෙත් නෑ. මේ සිදුවීම අපේ පරිශ්‍රය තුළ සිදු වුණෙත් නෑ.
කවුරුහරි මේක සැලසුම් කරලා, පිටපතකට අනුව රඟපාන පිරිසක් දාලා, ඔවුන් විසින්ම මාධ්‍යයට නිරාවරණය කරපු වැඩක්. අපි දන්නෑ එහෙම සැලසුම් සහගත විදිහට අපිට මඩ ගහන්න තරම් ඇයි සමහර අය බයවෙලා ඉන්නේ කියලා.
එතන හිටියේ විශ්ව විද්‍යාලය ශිෂ්‍යයෝ කිව්වට, ඒ අයගේ හැසිරීමේ පවා එහෙම එකක් තිබුණේ නෑ. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් රුපියල් 1000කට 2000කට මිලදී ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නෙත් නෑ. මේ කවුරු සල්ලිවලට ගත්තත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ දේශපාලන මතය එහෙම මිලදීගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා. එනිසා මේ නිගරුව කරන්නේ අපිට වඩා ඔවුන්ට.
අපිට ප්රජාතන්ත්රවාදී ඉඩකඩ ඇතුලේ මේ රටේ දේශපාලන පක්ෂයක් විදියට වැඩ කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ ඡන්ද ව්‍යාපාරයත් එක්ක මාධ්‍ය මාධ්‍ය අතර සීතල යුද්ධයක් තියෙනවා. ඒකෙ කොටස්කාරයෙක් වෙන්න දේශපාලන පක්ෂයක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ.
රවී කුමුදේශ්
මාධ්‍ය ප්‍රකාශක
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ