”අපි ලෙඩ කඳන් නෙමෙයි, ලොක්කෝ පස්සෙන් යන ගිලන් රථ නවත්වනවා”

මෙරට පාලනය කළ හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරුවන් බවට පත්කළ අය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පිළියන්දලදී පැවති ජන රැලියක් අමතමින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විවිධ ස්ථානවල පිහිටි ජනාධිපති මන්දිර අධ්‍යාපන ආයතන, සංස්කෘතික ආයතන හෝ හෝටල් බවට පත් කිරීමට තීරණය කරන බවයි.

එමෙන්ම රටේ රෝහල් ගණනාවක් තියෙනවා ගිලන්රථ නොමැති නමුත් ජනාධිපතිගේ, අගමැතිගේ, හිටපු ජනාධිපතිගේ පස්සේ ගිලන්රථ යන බව ඔහු කියා සිටියා.

තම පිරිස ලෙඩ කඳන් නොවන හෙයින් ජාතික ජන බලවේගය යටතේ ගිලන් රථ ක්‍රමය නතර කරන බව අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *