අපේ කනිෂ්ඨ පිරිමි කණ්ඩායමට පිරිමි 100 x4 අවසන් වටය පෙනී පෙනී අහිමි වෙයි

ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් පේරූ රාජ්‍යයේ ලීමා නගරයේ දී පැවැත්වනවා.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 100 x4 තරඟය ඊයේ (30) දින ආරම්භ විය.

එහිදී පලමු වටයේ දෙවන කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරෝන් විජේසිංහ, දෙනෙත් වීරරත්න, ඉඳුසර විඳුෂාන් , කෞෂල් තමෙල් තරඟයට පිටියට පිවිසුණා.

එම තරඟයේ පලමු ස්ථානය ලබා ගත්තේ තත්පර 39.97 ක කාලයක් වාර්තා කරමින් හොංකොං කණ්ඩායමටද, දෙවන ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ තත්පර 40.14 ක කාලයක් වාර්තා කරමින්. තුන්වන ස්ථානය මහජන චීන සමූහාණ්ඩු කණ්ඩායම තත්පර 40.18 කාලයක් වාර්තා කරමින් තරඟය නිමා කළා.

ශ්‍රි ලංකා කණ්ඩායමට මූලික වටයේ වාර්ත කල කාලය සමස්ථ ඉසව්වේ කාල ගණනය අනුව හිමි වුනේ 10 වැනි ස්ථානයයි. ඒ අනුව ඔවුන්ට අවසන් වටයට පිවිසීමේ අවස්ථාව අහිම් වුනා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *