රාජ්ය සේවක වැටුප් වැඩි කිරීම අපේ පළමු අයවැයෙන්ම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජනබලවේගය මහනුවර ඊයේ (02) දින සංවිධාන කළ ජන රැලියට එක්වෙමින්.
පසුගිය රජයට මුදල් තිබුණේ නම් එය එම අවස්ථාවේදීම කළ හැකිව තිබූ බව ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියා.
හිටපු ජනාධිපතිවරයා රාජ්ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් පත්රිකා ගැසුවද සැබෑ ලෙසම වැටුප් වැඩි කරන්නේ තම ආණ්ඩුවේ පළවෙනි අයවැයෙන් බවයි පනාධිපතිවරයා එහිදී කියා සිටියා.
එයාලා හීන දකිනවා අපේ ආණ්ඩුව මාස තුනෙන් වැටෙයි කියලා ලෙස ඔහු කියා සිටියා.
මේ රට හදලා මිස ජාතික ජනබලවේග ආණ්ඩුව ආයේ හරවන්න බැරි බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියා.