අමෙරිකානු ජනපතිගෙන් ඊශ්‍රායල අගමැතිට රතු එළියක්

ගාසා තීරයට මානුෂිය සහන ලබා දීම කිසිදු ආකාරයකින් අවහිර නොකරන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වෙත අවධාරණය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා අතර පැවති දුරකථන සංවාදයේ දී මේ පිලිබදව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ.

ගාසා තීරයට මානුෂිය ආධාර ලබාදීමේ දී සිදු කරන අවහිරතා අමෙරිකාවට බරපතළ ගැටලු‍වක් බවද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළා.

කෙසේ වෙතත් ඊශ්‍රයලය කටයුතු කළේ පසුව ගාසා තීරයට මානුෂිය සහන ලබා දෙන මාර්ග 03ක් විවෘත කිරීමටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *