TikTok අමෙරිකාවේ තහනම්?

TikTok සමාගම සතු වත්කම් මාස 6ක් ඇතුළත ඉවත් කළ යුතු අතර එම කාලය තුළ වත්කම් ඉවත් නොකළහොත් ඇමෙරිකාවේ TikTok යෙදුම තහනම් කෙරෙනු ඇති.

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත ද්විපාර්ශ්වික ඡන්දයෙන් විශාල ලෙස සම්මත වුවද, එය නීතියක් වීමට නම් එය රටේ ජනාධිපතිවරයා විසින් අත්සන් කළ යුතුය.

2012 දී ආරම්භ කරන ලද, TikTok චීන සමාගමක් වන ByteDance සතු වේ.

පනත් කෙටුම්පත සෙනෙට් සභාවෙන් සම්මත වුවහොත්, ජනාධිපති ජෝ බයිඩන් එය වහාම අත්සන් කරන බවට පොරොන්දු වී තිබේ.

කෙසේ වෙතත්, TikTok හි ප්‍රධාන විධායක නිලධාරී Sue Si Chew පවසන්නේ තම සමාගම පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීමට කැපවී සිටින බවයි.

මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් ඇමරිකාවේ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කඩා වැටීමේ අවදානමක් පවතින බවද ඔහු පවසයි.

ඒ අනුව දහස් ගණනකට රැකියා අහිමි වන බවද ඔහු පවසා තිබේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *