අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට ඡන්දය ස්ථීරයි

අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු අද (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට මේ බව පවසා තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බවයි.

තමන් ජනාධිපතිවරණය කල්දැමීමට සූදානම් වන බවට විපක්ෂ මත පළ කළද තමා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවද සදහන් කළා.

පසුගිය සමය ඉතාම දුෂ්කර කාලයක් වූ බවත් පැවසූ ජනාධිපතිවරයා මේවනවිට රට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බවද පැවසුවා.

තම රජය වැඩකර රටට පෙන්වා දුන් බවත් විපක්ෂ ඇතුළු අනෙක් කණ්ඩායම් තවමත් කතා පවත්වමින් සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *