ලබන වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසයේ අයවැය ඉදිරිපත් කරන අතර, එහිදී රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සහ පාසල් දරුවන්ට දීමනාවක් ලබාදීමට අවධානය යොමු කරන බව ජනපති අනුර දිසානායක පවසනවා.
එමෙන්ම එම අයවැය මගින් දිළිඳු සහ ආබාධිත ප්රජාවට ලබා දෙන දීමනාව වැඩි කරන බවත් ජනපතිවරයා සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ තංගල්ලේ පැවති ජන රැලිය අමතමින්.