අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට අද දිනත් බාධා…..

මේ වන විට පවතින අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් අද දින බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් දෙකම අවලංගු කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කොට ඇත.

එමෙන්ම අද දින රාත්‍රී 07.00 ට කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා සිඝ්‍රගාමී දුම්රිය අද දින පොලොන්නරුව දුම්රිය ස්ථානට දක්වා පමණක් ධාවනය කිරීමට ද කටයුතු යොදා ඇත.

What's your reaction?

Related Posts

1 of 672

Leave A Reply

Your email address will not be published. Required fields are marked *