අයිතිකරුවෙකු නොමැති ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් හේතුවෙන් කැලණිය ගෝනවල ප්‍රදේශයේ (20) නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

මෙම ප්‍රදේශයේ පාරක සුඛෝපභෝගී රථය අතහැරදමා ගොස් තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකසහිත බැවින් ප්‍රදේශවාසීන් මේ පිළිබදව කැලණිය පොලිසියට පැමිණිලි කර ඇත. පොලිස් කණ්ඩායම් විසින් රථය සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී රථය තුළ තිබී,
පිස්තෝල වර්ගයේ ගිනි අවියක්.
රැම්බෝ වර්ගයට අයත් පිහියක්.
කඩු කිහිපයක්.
යකඩ පොල්ලක්.
මදන මෝදක ගුලි කිහිපයක් සොයාගෙන තිබෙනවා.

රථයේ අයිතිකරු සොයා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම රථය ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන ප්‍රදීප් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකුට අයිති බවයි.

කැලණිය පොලිසිය විසින් සැකකරු අත්තඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ අද අලුයම රථය මෙසේ දමා ගිය බවයි. තමා බීමත්ව සිටි බවත් රථයේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් රථය මාර්ගයේ නවතා දැමීමට තමා තීරණය කළ බවද ඔහු වැඩි දුරටත් සදහන් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සදහා SOCO පොලිස් කණ්ඩායමක්, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිල සුනඛයෙක් සහ නිලධාරීන් කිහිපදෙනෙක්, ස්ථානීය පරීක්ෂාව සදහා තවත් නිල සුනඛයෙක්, ඇගිලි සලකුණු පරීල්ෂාව සදහා නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබෙනවා. කැලණිය දිසාව භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ වයි.බී ක්‍රිශාන්ත මහතාගේ උපදෙස් පරිදි කැලණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *