‘අයියා’ අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ වසන්ත කුමාර නැමැත්තාගේ මත්කුඩු ජාවාරම මෙහෙයවමින් එහි මූල්‍ය කටයුතු පරිපාලනය කළ තැනැත්තා ඊයේ(25) ගම්පහ, ඉඳිගොල්ලේ ප්‍රදේශයේ දී මත්කුඩු සමඟ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලඇණිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිශාන්ත ප්‍රිය­ද­ර්ශන නොහොත් ‘අයියා’ නැමැති 45 හැවි­රිදි මෙම සැක­ක­රුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ව්‍යාපාරිකයෙකු ලෙස පෙනීසිටිමින් ගම්පහ, ඉඳි­ගොල්ලේ පිහිටි සුවි­සල් නිව­සක රුපි­යල් ලක්ෂ­යක මාසික කුලි­ය­කට එම නිවසේ ප්දිංචිව සිටියදීයි බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැක­කරු ගැන තොර­තුරු හෙළිවී ඇත්තේ පසු­ගිය මාර්තු 17 වෙනිදා හංවැල්ල හා හෝමා­ගම ආශ්‍රි­තව කළ වැට­ලීම් දෙක­කදී රුපි­යල් කෝටි 03කට අධික වටි­නාකමක් ඇති හෙරො­යින් කිලෝ 01යි ග්‍රෑම් 12ක් සමඟ අත්අ­ඩං­ගු­ව­ට­ගත් සැක­ක­රු­වන් දෙදෙනා සම්බ­න්ධ­යෙන් සහ එම මත්කුඩු ජාලය ගැන කළ ප්‍රශ්න කිරීම්වලදීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබූ නවීන පන්නයේ ටොයොටා ඇක්සියෝ මෝටර් රථයක්, ජාවාරම සඳහා යොදාගත් දුරකථන 08ක්, සිම්පත් 10ක්, බැංකු කාඩ්පත් 07ක්, බැංකු පොත් 03ක් සමඟ හොරොයින් මිලි ග්‍රෑම් 6430ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම අපරාධකරු මින් පෙර විදේශ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් රවටා මුදල් වංචා කිරිම පිළිබඳ නඩු 187ක් සඳහා අධිකරණයෙන් වරදකරු වී ලබා දුන් වසර 60ක සිරදඬුවම වසර 10කින් ගෙවා දමා පැමිණි අයෙකි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *