අරගලයේ කෙලිට නිදහස දෙන්නයි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

අරගලයේ සමයේ සිදුවීම් වාර්තා කර බ්‍රිතාන්‍යය ජාතික කාන්තාවක් වන කෙළි ප්‍රෙසර් නමැති කාන්තාවට මේ රටින් පිටවීමට නොහැකි වී තිබෙනවා

අරගලයේ සමයේ සිදුවීම් වාර්තා කිරීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මත ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කර තිබෙනවා

අද දින සමාජ ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු ඕස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍ය ඥානසේන විජේසේකර ඇතුළු ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරියට පැමිණ නිහඬ උපවාසයක යෙදෙමින් කියා සිටියේ ඇයට මෙරටින් පිටවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර දෙන ලෙසයි

වත්මන් ජනාධිපති බලයට පැමිණීමට අරගලය හේතු වුණා රනිල් වික්‍රමසිංහ හෝ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය මේ පිළිබඳව කටයුතු කළේ නෑ එවකට

අපි කියන්නේ එම නිසා අනුර කුමාර දිසානායක මහතා හෝ මැදිහත් වී මෙම කාන්තාව මේ රටින් නීත්‍යානුකූලව පිටමන් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර දෙන ලෙසයි

මෙහිදී ලේකම් කාර්යාලය දොරටුව අසල වාඩිවීමට යාමේදී යම් තත්ත්වයක් ඇතිවුණා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *