අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වග උත්තර කරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

අදාල බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වග උත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වනදා නියෝගයක් නිකුත් කර තිබුණා.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාල මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් වග උත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම දඬුවම නියම කළා.

(

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *