අරුණි විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් යළි වැඩ භාර ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අරුණි විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් පත් කරනු ලැබීමෙන් අනතුරුව ඊයේ (25) එම අමාත්‍යාංශයේ දී සිය ධුරයෙහි වැඩ භාර ගනු ලැබීය.
2022 මැයි මස 20 වැනි දින සිට ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් සේවය කරමින් සිටී.
වෘත්තීය විදේශ සේවා නිලධාරිනියක වන විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ වසර 36 ක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබේ.
මෙම කාලය තුළ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලත්, ජාත්‍යන්තර සංවිධානවලත් ඇය විවිධ තනතුරු රැසක් හොබවා තිබේ.
විදේශ ලේකම් විජේවර්ධන මහත්මිය, බ්‍රිතාන්‍ය ෂෙවෙනිං විද්‍යාර්ථියකු වශයෙන් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් හා බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධියක් ද හදාරා ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *