අල්ලස් ගත් කොස්තාපල් අට වසරකට සිරගෙට

වැලි ටිපර් රථ රියදුරෙකුගෙන් රුපියල් 2,000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකරුවෙකු වූ පිළියන්දල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අද (09) වසර 08ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

එහිදී, චෝදනා 04ට රුපියල් 5,000 බැගින් රුපියල් 20,000ක්ද, පැමිණිලිකාර ටිපර් රථ රියදුරුට රුපියල් 50,000ක මුදලක්ද වන්දි වශයෙන් ගෙවන ලෙසටයි අධිකරණය මගින් නියෝග කරනු ලැබුවේ.

එමෙන්ම, අදාල සිර දඬුවම් කාලය තුලදී චූදිතයාගේ ඡන්ද අයිතියද අහෝසි කිරීමට නියෝග කළ අතර, වසර අටක සිර දඬුවම වසර හතරකින් එකවර ගෙවී යන පරිදියි මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකළ පැමිණිල්ලක් මත පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *