අල්ලස් ගත් R.M.V නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්

බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රු.250,000ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනා ලබන 08 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල අද (05) නියෝග කළා.

නියෝජ්‍ය කොමසාරිස් වෙල්ගම ,සාන්ත ප්‍රිය හා මර්වින් යන සැකකරුවනුයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ.

අල්ලස් කොමිසම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ මගී බස් රථ විශාල ප්‍රමාණයක හිමිකරුවකු වන පැමිණිලිකරුට අලුතින් මිලට ගත් බස් රථයක ලියාපදිංචි පොත ලබා දීම සඳහා රු.50,000ක මුදලක් ප්‍රථමයෙන් ලබාගෙන ඇති බවයි.

අනතුරුව ඉතිරි ලක්ෂ දෙකක මුදල ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසා ඇත්තේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන (08) වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් විමර්ශන ප්‍රගතිය ලබන 08 වැනිදා ඉදිරිපත් කරන ලෙසයි නියෝග කොට ඇත්තේ.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *