අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානම්

හෙටින් උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද චාරිත්‍රානුකූලව පිළිගැනීමට මේ වනවිට රටම සූදානම්.

අලුත් අවුරුද්ද හෙට (13) අපරාභාග 9.05ට උදාවන අතර, පුණ්‍ය කාලය හෙට අපරභාග 2.41 සිට 14 වන ඉරිදා අලුයම 3.29ට දක්වා යෙදී තිබෙනවා.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ හෙට අපරභාග 11 යි 06 ටයි. ඒ අනුව, නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොළවා තල, උක්, හකුරු මිශ්‍ර කිරිබතක් පිළියෙල කර ගැනීම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

අලු‍ත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙණු කිරීම, ආහාර අනුභවය සහ පැල සිටුවීමේ නැකත යෙදී තිබෙන්නේ ලබන 14 වනදා අලුයම රාත්‍රී 12.06 ටයි.

නීල වර්ණ වස්ත්‍රාභාරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු‍ වැඩ අල්ලා ගනුදෙණු කොට ආහාර අනුභවය සිදු කළ යුතුයි.

හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 15 වන සදුදා පූර්ව භාග 10.17ට යෙදී ඇති අතර, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා, දිවුල් පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කළ යුතු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *