අවසන් ඡන්ද ප්‍රමාණය

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමු වටයේ ඡන්ද ගණන් කිරීම අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද 5,634,915 ලබා ගෙන ඇති අතර එහි ප්‍රතිශතය 42.31% ක් .

සජිත් ප්‍රේමදාස ඡන්ද 4,363,035 ලබාගෙන 32.76%ක ප්‍රතිශතයක් හිමි කරගෙන තිබෙනවා.

ඒ අනුව, අනුර කුමාර දිසානායක මූලික වටයේ ඡන්ද ගණනය කිරීම අනුව, සජිත් ප්‍රේමදාසට වඩා වැඩි ඡන්ද 1,271,880ක් ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, දෙදෙනාට ම 50% ඉක්මවා ඡන්දය ලබා ගැනීමට නොහැකි වී ඇති හෙයින් දෙවන සහ තෙවන මනාප ගණන් කිරීම ආරම්භ කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ ය.

තෙවන ස්ථානයේ පසු වන රනිල් වික්‍රමසිංහ ඡන්ද 2,299,767 ලබාගෙන ඇති අතර එහි ප්‍රතිශතය 17.27%කි.

නාමල් රාජපක්ෂ ඡන්ද 342,781ක් ලබා ගනිමින් 2.57%ක ප්‍රතිශතයක් හිමි කරගෙන තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *