අවුරුදු දෙකාහාමරක දරුවා ලොරි රථයට යටවී මරුට

අම්පාර ඉගිනියාගල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් අවුරුදු දෙකාහාමරක දරුවකු මියගොස් තිබෙනවා.

එම දරුවා පාර හරහා මාරු වීමට යෑමේදී තැඹිලි පටවා ගත් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසුව අදාළ දරුවා ඉගිනියාගල රෝහලට ඇතුලත් කර ඇති අතර එම අවස්ථාව වන විටත් දරුවා මිය ගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *