ආණ්ඩුව නොදන්නාකමට සමාගම්වලට අහුවෙලාද, දැනුවත්ව විකිණිලාද?
මන්දපෝෂණය සහ අවබෝෂණය පිළිබඳව නරක දර්ශක සහිත රටක් ලෙස නොමිලේ දෙන ත්‍රිපෝෂ මගින් සිදුවන කාර්යභාරය අතිවිශාලය. ගර්භනී මව්වරුන් කිරිදෙන මව්වරුන් සහ බර අඩු දරුවන් සඳහා ලංකාවේ ඇති එකම පෝෂණ වැඩසටහන ලෙස දීර්ඝ කාලයක් තිස්සේ බාධාවන් මැද පවත්වාගෙන පැමිණි ත්‍රිපෝෂ වැඩසටහන එලෙස කිසිදු වග විභාගයක් නොමැතිව හකුලා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ කෙසේදැයි ජනතාවට පැහැදිලි කළ යුතුය.
වර්තමාන රජය බලයට පත් පත් වී නිකුත් කරන ලද පළවන ගැසට්ටුව තුළම ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට හෝ වෙනත් ආයතනයක් සඳහා අනුබද්ධ කිරීමට යෝජනා කර තිබීම මගින් ආණ්ඩුවේ ගමන් මාර්ගය දුප්පත් ජනතාව ඉලක්ක කර කර කරන්නක් නොවන බව පෙනෙන්නට තිබේ.
විශේෂයෙන්ම ත්‍රිපෝෂ සමාගම මිලදී ගැනීම සඳහා ඉතා විශාල මහන්සියක් ගත් ලංකාවේ සුප්‍රකට සමාගමකට කාලාන්තරයක් තිස්සේ අවශ්‍යව තිබුණේ ත්‍රිපෝෂ සමාගම වසා දැමීමටය. ත්‍රිපෝෂවලට සමාන අනුකරණ නිශ්පාදනයක් සිදු කරන එම ආයතනය, වෙළඳපල ඒකාධිකාරයක් සාදා ගැනීම වෙණුවෙන් ත්‍රිපෝෂ සමාගම මිලදී ගැනීමේ යෝජනවක් එකී සමාගම විසින් රනිල් වික්‍රමසිංහ රජයටද ඉදිරිපත් කල නමුත් ඊට එකඟතාවය ලබා ගැනීමට නොහැකි විය.
එම පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙක්ව සිටි අයෙකු නව රජය විසින් රජයේ ප්‍රධාන ආයතනයක සභාපතිවරයෙකු ලෙස පත් කර තිබීම සහ මෙම තීරණය සැක කටයුතු තහවුරු වේ. මෙහිදී ව්‍යාපාරික වුවමණාව මත රජය නොමග යවා ඇත්ද, එසේ නොමැතිනම් දැනුවත්ව තම හිත මිතුරන්ගේ වුවමණාව ඉටු කිරීම සඳහා මෙවන් තීන්දු ගනු ලබන්නේද යන්න පැහැදිළි නැතත්, දිළිඳු ජනතාවගේ එකම පෝෂණ වැඩ සටහන එලෙස හකුලුවා දැමීමට කටයුතු කිරීම බරපතල ගැටලුවකි.
රවී කුමුදේශ්
මාධ්‍ය ප්‍රකාශක
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ