“ආණ්ඩුව ප්‍රසිද්ධ නොකලොත් ලබන 21 වනදා උදේ 10 පාස්කු වාර්තාව ප්‍රසිද්ධ කරනවා”

වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව දින 7 ක් ඇතුළත ප්‍රසිද්ධ නොකලහොත් එම වාර්තාව ලබන 21 වනදා පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී උදෑසන 10 ට තමා ප්‍රසිද්ධියට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් පල වු වාර්තාව කිසිදු පිටුවක අඩුවක් නොමැති බව ඔහු කියා සිටියා.

එසේම එම වාර්තාව සම්පුර්ණයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙන්ම පාර්ලිමේන්තු පුස්තකාලයේ තිබෙන බව ඔහු පවසා සිටියා.

තව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩලය කිසිදු ආකාරයෙන් මෙම වාර්තා එලියට දැමිම සිදු නොකල ද වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කාර්ය මණ්ඩලය මෙම වාර්තාව එලියට පිට කර ඇති බව ඔහු කියා සිටියා.

ඔක්තෝම්බර් 10 වනදා තමාට මෙම වාර්තා ලැබුණු බවත් තමා මෙය ලබා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා බව ඔහු පවසා සිටියා.

මෙම වාර්තාවේ සමස්ත වාර්තාව මෙන්ම එහි සෑබෑ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන බව ඔහු අවධාරණය කර සිටියා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මෙහි ඇත්ත දැනගැනීමට අයිතියක් තිබිය යුතු බවත් එහි අයිතිය ලබා දෙන ලෙස උදය ගම්මන්පිල කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *