ඇමෙරිකානු ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (20) දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගය පහළ වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 294. 92 ක් ලෙස සටහන් වී තිබෙනවා.

පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 295. 80ක් ලෙසයි සටහන් වූයේ.

එමෙන් ම අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 304. 59 ක් ලෙස සටහන් වී ඇති අතර පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල
සටහන් වූයේ රුපියල් 305. 15ක් ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *