ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ජන්ද නාම ලේඛණ ප්‍රදර්ශනයට

දැනට විසිරුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජන්ද නාම ලේඛණ ඊයේ (22) සිට ප්‍රදර්ශනයට යොමු කර ඇතැයි ගාල්ල නියොජ්‍ය මැතිවරණ කාර්යාලය පවසයි.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරි කාර්යාලවල සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙලෙස ප්‍රදර්ශනය කර ඇති බව එම කාර්යාලය පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභික ධුර 29ක් සඳහ එම ඡන්ද විමසීම 2019.10.11 දින පවත්වනු ලැබීය.

කෙසේවුවද, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය 2023.10.05 දින අවසන්වීමට නියමිතව තිබුණු අතර අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් 2023.07.18 නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කාලය 2024 නොවැම්බර් 04 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගනු ලැබිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ඉකුත් පෙබරවාරි (28) අයවැය දෙවරක් පරාජය විමත් සමග අහෝසි වී එහි පාලනය සභාවේ ලේකම් යටතට පත්ව තිබේ.

ඒ අනුව ප්‍රාදේශය සභාව සඳහා නාමයෝජනා කැඳවීමේ බලය 2024 මැයි 04 දා සිට මැතිවරණ කොමිසමට හිමිව ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *