ඇල්ල කරඳගොල්ල දහය කණුව ප්‍රදේශයේ නාය යෑමක්

ඇල්ල කරඳගොල්ල දහය කණුව ප්‍රදේශය නාය යෑමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් චෝදනා කරන්නේ උමා ඔය ජලාශයේ උමඟට ජලය පිරවීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

මේ වන විට නිවාස අටක ජනතාව මෙම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, නාය යන භූමියේ රොන්මඩ ගලා යන අයුරුද දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් අප කළ විමසීමකදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ මෙම තත්ත්වයට උමා ඔය ව්‍යාපෘතියේ බලපෑමක් නොමැති බවයි.

මෙම ප්‍රදේශය කලක සිට නායයෑමේ අවදානමක් පවතින බව හඳුනාගත් ප්‍රදේශක් බවද ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ
සංවිධානය දන්වා සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *