ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැන අනියත බියක් එපා; සෞඛ්‍ය අංශ කියයි

කොවිඩ් වසංගතය පාලනය සඳහා හඳුන්වාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් පැවරූ නඩුවකදී ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන සමාගම එම එන්නතේ සංකූලතා අඩු බව පිළිගත් බවත්, එය ඔවුන් ඊට කලින්ද පිළිගෙන තිබූ කරුණක් බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බැවින් එහි අහිතකර බලපෑමක් ඇති නොවන බවද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් දෝෂ ඇති වන බවට එම සමාගම බ්‍රිතාන්‍යය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා.

2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටියක් හේතුවෙන් මොළයේ ස්ථිර ආබාධයකට ලක් වූ එක්සත් රාජධානියේ ජේමි ස්කොට් විසින් මෙම සුවිශේෂී මහාධිකරණ හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *