හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
ඒ වසර තුනහමාරක කාලයක් සඳහායි.
20යි 20 ලෝක කුසලානය දිනාගත් පසු ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වූ රාහුල් ඩ්‍රාවිඩ්ගේ හිස් වූ පුරප්පාඩුව පිරවීම සඳහායි මොහු පතකර ඇත්තේ.
ඒ අනුව මේ මස අවසානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සංචාරය ඔහුගේ පළමු තරගාවලිය වනු ඇත.