ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික ත්‍රස්තයින් පාස්කු කොමිෂන් වාර්තාවෙන් නම් කළ පිරිසක්

ඉන්දීය ආරක්ෂක අංශ විසින් පසුගියදා අත්අඩංගුවට ගත් ලාංකික ISIS සාමාජිකයින් සිව්දෙනාගේ නම් , 2019 පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම හඳුනාගත් පුනරුත්ථාපනය කළ යුතු අන්තවාදීන්ගේ ලැයිස්තුවේ තිබූ බව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, ඔවුන් පුනරුත්ථාපනය කිරීම කිසියම් හේතුවක් මත මගහැරී ඇති අතර, පසුකාලීනව ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමීපව අධීක්ෂණය කිරීම ද සිදුවී නොමැති බවයි.

ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ඉන්දියාවේ අහ්බාද් ගුවන්තොටුපළේදී පසුගිය 20 වැනිදා ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත්තා.

එලෙස අත්අඩංගුවට පත්වු සිව් දෙනා අතර, නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ පුත්‍රයෙකු ද වන මොහොමඩ් නෆ්රාන් නවුෆර් නමැත්තාද වන අතර, ISIS සංවිධානය සමඟ එක්වෙමින් ඔවුන් ඉන්දියාවේදි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම්ව සිටි බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔවුන් විසින් අයි පි එල් අවසන් තරඟ ඉලක්ක කර සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරත ජනතා පක්ෂයේ ප්‍රබල සාමාජිකයින් සිව්දෙනෙක් ඉලක්කර ප්‍රහාර එල්ලකිරීමට සැලසුම්කර තිබු බවට වාර්තා වන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *