ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරන දුම්රියක ගින්නක්

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගින්නක් හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අද අලුයම 05.30 ට පමණ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසල ගින්න හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ගිනි නිවන සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ගින්න නිවා දැමීමට කටයුතු කරමින් සිටින අතර මෙතෙක් කිසිදු හානියක් වාර්තා වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ තෙල් ටැංකි තුනක් පුපුරා ගොස් ඉන්ධන කාන්දුවක් ඇතිවීමෙන් පසු ගින්න හටගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

What's your reaction?

Related Posts

1 of 180

Leave A Reply

Your email address will not be published. Required fields are marked *