ඉන්දීය මහ මැතිවරණය පස්වන අදියර හෙට

ඉන්දීය මහ මැතිවරණයේ පස්වන අදියර හෙට ආරම්භ වනවා.

ඒ අනුව ප්‍රාන්ත 8 ක් ආවරණය වන පරිදි ඡන්ද බල ප්‍රදේශ 49 ක පස්වන අදියරේ ඡන්ද විමසීම් කටයුතු සිදු වනු ඇති.

පසුගිය 13 වනදා පැවති සිව්වන අදියරේදී ජන්ද කොට්ඨාශ සියයට 64. 6 ක් වූ ජනතාව ජන්දය භාවිතා කර තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ තුන්වන අදියර පසුගිය 7 වනදා පැවති අතර පළමු අදියර පසුගිය 19 වනදාත්, දෙවන අදියර පැවැත්වුණේ පසුගිය මස 26 වනදායි.

ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීම ලබන ජුනි මස 4 වනදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *