ඉරානය ගැන කතාකරන්න ජී 7 රටවල නායකයින් රැස් වෙයි

ඉරානය විසින් ඊශ්‍රායලයට ඒල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා ජී 07 රටවල නායකයින්ගේ හමුවක් සූදානම් කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙම හමුව සංවිධානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රයල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකථනයෙන් පවතින ආරක්ෂක තත්වය පිළිබඳව සාකච්ඡාවක්ද සිදු කර තිබෙනවා.

ඉරානය විසින් ඊශ්‍රායලයට මේ වන විට ඩ්‍රෝන සහ මිසයිල 300කට වැඩි ප්‍රමාණයක් දියත් කළ නමුත් ඉන් 99%ක්ම ව්‍යර්ථ කළ බවයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ.

මෙම මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදා නිලධාරින් ද සහය දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රාලයේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති හමුදා කඳවුරට සුළු හානි සිදු වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායල ආරක්ෂක බලකායේ ප්‍රකාශක ඩැනියෙල් හගාරි ද කියා සිටියේ ඉරාකයෙන් සහ යේමනයේ සිටද ප්‍රහාර එල්ලවූ වූ බවටයි.

මේ වනවිට බොහෝ රටවල් මැදපෙරදිග ගුවන් කලාපයට සිය යානා ඇතුළු කිරීමද අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *