ඉස්සෝ වගාකරුවන් ගැටලුවක

ගැටලු‍ රැසක් හේතුවෙන් ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක පවතින බව ඉස්සෝ වගාකරුවන් පවසනවා.

පුත්තලම ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක විශාල පිරිසක් ඉස්සන් කර්මාන්තයේ සිය ජීවන වෘත්තිය සකසා ගනු ලබනවා.

මේවන විට ඉස්සන් කොටු 27,000කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර, ඉන් යැපෙන පවුල් සංඛ්‍යාව 60,000කට ආසන්නයි.

එමෙන්ම, මොනඩෝන නම් ඉස්සාගෙන් මෙරටදී පැටව් ලබා ගැනීම තහනම් කරමින් රජය විසින් 2021 ඔක්තෝම්බර් මස 08 වැනිදා ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

ඉස්සෝ කර්මාන්තයේ ප්‍රධාන ඉලක්කය විදෙස් වෙළදපොළ වන අතර, 2020 සහ 2023 වසරවලදී ඉස්සන් මෙට්‍රික් ටොන් 11,000ක අපනයනය කර තිබෙනවා.

නමුත් එසේ පවත්වා ගෙන ආ එම කර්මාන්තය මේවන විට 18% දක්වා පහත බැසී ඇති බව ව්‍යාපාරිකයන් පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *