ඉහල දැමු EPF පොලිය ගැන ගෙවිඳු කියයි

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන පොළිය 13% දක්වා ඉහළ දැමීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවේ ඊට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසනවා.

ඔහු චෝදනා කරන්නේ වැඩ කරන ජනතාවට 9%ක පොලියක් ගෙවූ පසුබිමක මහ බැංකු සේවකයින්ට 29% ඉක්මවූ පොලියක් ගෙවීම නින්දිත ක්‍රියාවක් බවයි.

පැවති ආර්ථික අර්බුදය හමුවේ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේදී සේවක අර්ථ සාධක අරමුදලේ පොලී අනුපාතය 9% දක්වා පහත දැමුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුකූලවයි.

කෙසේවෙතත් මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින මොහොතක සේවක අර්ථ සාධක අරමුදලේ පොළී අනුපාතය 13% දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *