ඊශ්‍රායල හමුදා මෙහෙයුමෙන් ගාසා බටහිර ඉවුරේ නොසන්සුන් වෙයි

ගාසා බටහිර ඉවුරේදී අතුරුදහන් වූ 14 හැවිරිදි පිරිමි ළමයෙකු සෙවීම සඳහා සිදුකළ ඊශ්‍රායල හමුදා මෙහෙයුමක් අතරතුර යුදෙව් ජාතිකයන් සමග ඇතිවූ ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයෙකු මියගොස් තවත් විසි පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවක්කු සහ ගල්වලින් සන්නද්ධව රමල්ලා අසල පිහිටි අල් – මුගයිර් ගම්මානයට පදිංචිකරුවන් විශාල පිරිසක් කඩා වැදීමෙන් පසුව ඊශ්‍රායල හමුදාව මැදිහත්වී තත්වය පාලනය කර ඇති අතර, වෙඩි තැබීමක්ද සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එහිදී තවත් පලස්තීනුවන් දෙදෙනෙකු වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *