උත්සව සමයට බිත්තර මිලියන 03ක් ආනයනයට අවධානය

එළඹෙන දෙසැම්බර් මාසය දක්වා බිත්තර මිලියන 03ක් ආනයනය කිරීමට අවධානය යොමුව ඇති බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පවසනවා.

බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත්, මේ මාසයේ සිට බිත්තර ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඒ අනුව, එසේ ආනයනය කරන බිත්තරයක් රුපියල් 38ක් හෝ 40ක් වැනි මිලකට අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බව ඔහු පවසනවා.

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී ඇති අතර, කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකිවන පරිදි බිත්තර ආනයනය කිරීමට තීරණය කර තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *