උත්සව සමයේ ආරක්ෂක අවදානමක් ගැන පොලිස්පති අවධානය ඉල්ලයි

අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාර ලෝකයේ ඕනෑම තැනක ඕනැම අවස්ථාවක සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

එබැවින් ප්‍රභූ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවත් ගැන අවධානයෙන් පසු විය යුතු බවයි පොලිස්පතිවරයා ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ පැවති උත්සවයක් අමතමින් සඳහන් කළේ.

එහි දී පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “අන්තවාදී සහ ත්‍රස්ත ප්‍රහාර විවිධ මුහුණුවරින් ලෝකයේ සිදුවෙනවා.

බලාපොරොත්තු නොවන අවස්ථාවල දී ලෝකය පුරා සිදුවෙනවා. ඒක තමයි අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා කියන්නේ.

මේ වගේ ප්‍රහාර අපිට පස්සේ අමතක වෙනවා කියලා කතාවක් තියෙනවා. ලෝක ස්වභාවයත් ඒකයි මිනිස්සුන්ට ඒක අමතක වෙනවා. ආරක්ෂාව ගැන සැලකිල්ල මදි කියලා සමහරක් වෙලාවට අපිට හිතෙනවා.

දේශපාලන ආගමික සංස්කෘතික දේවල්වලට පහර දීලා මිනිස්සු කුපිත කරන්න හදන අය ඉන්නවා.

ලෝකය තුළ සිදුවෙන දේවල් ලංකාව තුළත් සිදුවීම බැහැර කරන්න බෑ.” යනුවෙන්.

මේ අතර, උත්සව සමයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ, රාමසාන් උත්සවය, සිංහල අලුත් අවුරුද්ද සහ සිංහල හින්දු අලුත් අවුරුදු උත්වස එක ළඟ පැවැත්වෙන බැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

“ආරක්ෂාව ක්ෂණයකින් බිඳ වැටෙන්න පුළුවන්.”යනුවෙන් සඳහන් කළ පොලිස්පතිවරයා වැඩි දුරටත් මෙහි දී පැවසුවේ, පාස්කු ප්‍රහාරය වගේ නොවුනත් වෙනත් පොඩි දේවල් වෙන්න පුළුවන්” යනුවෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *