උතුරු ඇෆ්ගනිස්ථානයේ ජල ගැලීම්වලින් 300ක් මියයයි

උතුරු ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්වයෙන් 300කට අධික පිරිසක් මියගොස් ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසනවා.

බග්ලාන් පළාතේ දිස්ත්‍රික්ක පහකට පෙරේදා අධික වර්ෂාවක් පතිත වී තිබූ අතර, නිවාස, පාසල් සහ ගොඩනැගිලි රැසක් ජලයෙන් යටවී තිබුණා.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන තලේබාන් පාලනය ප්‍රකාශ කර ඇත්තේ මියගිය සංඛ්‍යාව 150 ක් පමණක් බවටයි.

සාමාන්‍ය ජල වහනයට ඔරොත්තු නොදෙන තරමින් ඇතිවූ වර්ෂාවත් සමග පසට ජලය අවශෝෂනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම ජල ගැලීම් තත්වය වැඩිවීමට හේතුවන බවයි කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *