උතුරු මාර්ගයේ දුම්රියක ගැටී අලි මරණ දෙකක්

අලි මවක සහ පැටවකු දුම්රියේ ගැටීමෙන් මියගොස් තිබෙනවා.

කන්කසන්තුරේ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට මාන්කුලම හා පුලියන්කුලම අතර ප්‍රදේශයේදී වන අලි මවක් හා පැටවෙකු ගැටීමෙන් ඔවුන් දෙදෙනාම ඊයේ (25) මියගොස් තිබුණා.

අනතුරෙන් මාස හතරක් පමණ වයස අලි පැටවා දුම්රියත් මාර්ගයත් අතර සිරවී සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

වන අලි මවගේ සිරුරටද දුම්රියේ ගැටීම නිසා බරපතළ ලෙස හානි සිදුව තිබුණා.

අලි පැටවා සහ මව දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට දුම්රිය නිලධාරීන්ට, මගීන්ට හා ප්‍රදේශවාසීන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

කලාපය බාර වනජීවී කාර්යාලයේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කළ අතර, එම නිලධාරීන් ප්‍රකාශ කළේ මෙම දුම්රිය මාර්ගයේ දුම්රියවල ගැටීමෙන් වන අලි විශාල සංඛ්‍යාවක් වසරකදී මියයන බවයි.

මේ අනතුර නිසා එම දුම්රිය පැය දෙකක් පමණ ප්‍රමාද වී ධාවනය කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *