ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) ඊයේ (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක හමු විය.
එහිදී උතුරු මුහුදේ දැනට පවතින ධීවර ගැටලු විසඳීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව සහයෝගිතාව වර්ධනය කර ගනිමින් දෙරටේ ධීවරයන්ගේ ගැටලු සඳහා දීර්ඝකාලීන විසඳුමක අවශ්‍යතාව දෙපාර්ශ්වය විසින් අවධාරණය කර තිබෙනවා.
එසේම දෙරට මුහුණ දෙන පොදු අභියෝග ජය ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
තවද ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක ඉන්දීය ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයක් ද මෙම හමුවේදී සිදු කර තිබෙනවා.
ඉන්දියානු ණය මඟින් අරමුදල් සපයන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් කරුණු විමසා බැලූ අතර නියමිත කාලයට එම ව්‍යාපෘති නිම කිරීම තහවුරු කිරීම සඳහා එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.