උමා ඔය නිසා ලංවිමට මිලියන 80ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය නිසා විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් මිලියන 80 ක පමණ මුදලක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබී ඇති බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා පවසනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් පසුගියදා ජනතා අයිතියට පත්කරනු ලැබුවා.

ඒ අනුව මේ වනවිට උමා ඔය ව්‍යාපෘතිය මගින් විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන එක්දාස් පන්සියයක පමණ ඉතිරියක් සිදුව ඇති බවයි උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ සුදර්ම ඇලකන්ද පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *