එංගලන්තයට ලංකාවෙන් 205ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

මෙහිදී ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී 326ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව, එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 204ක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තා.

කමිඳු මෙන්ඩිස් ලකුණු 113ක් ලබා ගත්තා.

එමෙන්ම, දිනේෂ් චන්දිමාල් ලකුණු 79ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් හා මැතිව් පොට්ස් කඩුලු 3 බැගින් ලබා ගත්තා.

තවද, ඇට්කින්සන් කඩුලු 02 ලබා ගනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *