එකසත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ අවසන් මහ රැලියදෙමටගොඩ, මිහිදුසෙන්පුරදී*

වසන්ත සමරසිංහට ගැසට් එකයි චක්‍රලේකයයි හොයා ගන්න බැරි තරමට පැටලිලා

ත්‍රිපෝෂ සමාගම ඈවර කරපු ගැසට් එක තාම රිවර්ස් කරල නෑ

මුදල් අමාත්‍යාංශයේ ගැහුවයි කියලා සමාජ මාධ්‍යයට මුදාහැරපු ලියුමේ දෙවැනි කොලේ නෑ, ඡන්දේ ඉවරවෙලා ඒක හොර ලිපියක් කිව්වොත් අපි පුදුම වෙන්නෙත් නෑ

කොහොම උනත් වසන්ත සමරසිංහගේ කටින් බලලා මල්ලෙන් එළියට පනිනවා. එයා ඇඟට නොදැනෙන්න ටොක්සින් එකක් ගැන කියනවා.ඔය ටොක්සින් එක ගෙනල්ලා කියලා ත්‍රිපෝෂ සමාගම වහගන්න දඟලපු සමාගමේ සමාගමේ විධායක නිලධාරියා දැන් වසන්තලාගේ ආණ්ඩුවේ සභාපති කෙනෙක්. එයා තව සුපර්මාර්කට් චේන් එකකත් අයිතිකාරයෙක්. එයාටම තමයි ලක් සතොස පවරලා තියෙනේ.

ත්‍රිපෝෂ සමාගම ඈවර කරන අනුර දිසානායකගේ පළමු ගැසට්ටුව ගහලා මාසයක් ගියා. අපි ඒක රටට හෙලිදරව් කලාම කලබල වෙලා ලියුමක් ගැහුවා. ඒකටත් වගකිවයුතු නිලධාරියෙක් නෑ.

ගැසට් එකකින් තීරණය කරපු එකක්, ලියුමකින් අහෝසි වෙනවා කියලා කියන්න තරම් රටේ මිනිස්සු මෝඩයෝ කියලා ආණ්ඩුව හිතනවා ඇති. ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ තීන්දුව තවම හකුලාගෙන නෑ.

රවී කුමුදේශ්
මාධ්‍ය ප්‍රකාශක
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *