ඔලිම්පික් උලෙළේ ගිණි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ සංචාරය ඇරඹෙයි

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිණි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ සංචාරය ඊයේ නිල වශයෙන් ආරම්භ වුණා.

ඒ ග්‍රීසියේ ඔලිම්පික් උළෙලේ සමාරම්භක ස්ථානය ලෙසින් සැලකෙන පෞරාණික ඔලිම්පියාහිදී පැවැති සාම්ප්‍රධායික උත්සවයකින් අනතුරුවයි.

දල්වන ලඳ මෙම ගිණි සිළුව දින 11ක කාලයක් සම්ප්‍රධායක් ලෙස ග්‍රීසියේ සංචාරය කරන අතර අනතුරුව මෙම මස 26 වැනිදා 1896 වසරේදී නුතන ඔලිම්පික් උළෙලේ ආරම්භය සිදු වූ ග්‍රීසියේ ඇතන්ස්හි පිහිටි පැනතේනයික් ක්‍රීඩාංගනයේදී ප්‍රංශ ඔලිම්පික් සංවිධායකයින් වෙත ඔලිම්පික් ගිණි සිළුව භාර දීමට නියමිතයි.

එහිදී ඇතැන්ස් නුවර සිට ඔලිම්පික් ගිණි සිළුව ප්‍රංශය බලා රැගෙන යන්නේ නුතන ඔලිම්පික් උළෙලේ සමාරම්භය සිදු වූ වසරේදී යාත්‍රා ආරම්භ කළ ප්‍රංශයේ පැරැණිතම රුවල් නෞකාවක් වන ”The Belem” ”ද බෙලම්” නෞකාවෙන්.

මෙලෙස යාත්‍රා කරන නෞකාව ප්‍රංශයේ මාර්සෙල් නුවරට මැයි මස 8 වැනිදා ළඟාවීමට නියමිත අතර එහිදී එක් ලක්ෂ 50,000ක පිරිසක සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවයකින් ඔලිම්පික් ගිණි සිළුව පිළිගැනීමට සැලසුම් කර තිබෙනවා.

අනතුරුව දින 68ක කාලයක් ප්‍රංශයේ සංචාරය කරන ඔලිම්පික් ගිනිසිළුවේ කිලෝ මීටර් 17,000ක ගමන අවසන් කරමින් ජූලි මස 26 වැනිදා ඔලිම්පික් සමාරම්භ උළෙල වෙත රැගෙන ඒමට නියමිතයි.

ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩාංගණයකින් පිටතදී ඔලිම්පික් උළෙලේ සමාරම්භය මෙවර ප්‍රංශයේ සේන් නදියේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණත්, ආරක්ෂක හේතුන් මත එය වෙනත් ස්ථානයක් වෙත රැගෙන යෑම කෙරෙහි ද මේවන විට ප්‍රංශ ඔලිම්පික් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසන්නේ ආරක්ෂක තර්ජනයක් ඇති වුවහොත් සමාරම්භක උත්සවය ප්‍රංශයේ ජාතික ක්‍රීඩාංගණය වෙත රැගෙන යන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *