ඕමාන් නෞකාවේ සිටි 9 දෙනෙකු බේරා ගනී: ලාංකිකයෙකුත් ඒ අතර

ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ MT Prestige Falcon නැමති තෙල් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

ඒ අතර ලාංකිකයෙකු සහ ඉන්දීය ජාතිකයින් 8 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඕමාන මුහුදේදී අනතුරට ලක්වූ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සොයා සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.‍

නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේ එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනාගෙන් තිදෙනෙක් ශ්‍රී ලාංකිකයින් වන අතර ඉතිරි 13 දෙනා ඉන්දීය ජාතිකයින් බවයි වාර්තා වන්නේ.

කොමරෝස් දූපත් ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඕමාන මුහුදේදී අනතුරට ලක්ව තිබුණේ පසුගිය 15 වැනිදා පස්වරුවේයි.

ප්‍රෙස්ටීජ් ෆැල්කන් නම් වූ මෙම යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ 16 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එම නෞකාවේ සිට ඇති අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *