ඕමාන නෞකාවේ සිටි අයෙකුගේ මළ සිරුර සොයාගැනේ

ඕමාන මුහුදේදී අනතුරට පත් නෞකාවේ සිටි එක් පුද්ගලයෙකුගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැහැ.

මේ අතර, අනතුරට පත් නෞකාවේ සිටි ශ්‍රි ලාංකිකයෙකු ඇතුළු ඉන්දියානුවන් 09 දෙනෙකු ඊයේ බේරාගනු ලැබුවා.

යේමනය බලා යත්‍රා කරමින් තිබූ ඉන්ධන සහිත මෙම නෞකාව ඕමාන මුහුදේදී අනතුරට ලක්වන විට එහි ඉන්දියානුවන් 13 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකු සිට තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *